බොහෝමයක් තරුණ ප්‍රජාව මේ දිනවල මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් තමයි සාමාන්‍ය ජිවන චරියාවන්ගෙන් ඈත්වෙලා නිවසටම කොටු වි සිටීම.  කෙසේ වෙතත් තාරුණ්‍යය පසු කරන ඔබ, මෙවැනි කාලයක් ගත කිරීම වඩාත් අපහසු වනු ඇත. පාසල් වසා දැමීමත් සමග නිසි ලෙස පවත්තවාගෙන ආ අධ්‍යාපන කටයුතු මගහැරී යාම,
නිතර දොඩමළු වූ යහළු යෙහෙළියන් නොමැති වීම මෙන්ම, යෞවන වියේ නව සුන්දර අවස්ථාවන් මග හැරී යාම ආදිය ඔබේ මානසික සෞඛ්‍යයට බලපා ඇති බව අප කවුරුත් දැනුවත් විය යුතු කරුණක්. 

කනස්සල්ල, හුදකලාව මෙන්ම බලාපොරොත්තු සුන්වීම වැනි වේදනාත්මක කාලපරාසයක් ගත කරන ඔබ පමණක් නොව, සමස්ත ලෝකවාසී තාරුණ්‍යයම මුහුණ දෙන අසුන්දරම අත්දැකිමක් වනවා ඇත. ඒ නිසා ආදරණීය දුවේ පුතේ, අපි මේ තත්ත්වයන් පිළිබද දැනුවත් වී සිටීම මගින් අප තුළ මේ දැවෙන නොයේකවිද වූ අපහසුතා තත්ත්වයන් මගහරවා ගැනීමට යාම්තාක් දුරට හැකි වනවා ඇත. 

එසේනම් ඔබ සිතන්න,

👉ඔබේ කාංසාව සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දෙයක් බව හඳුනා ගන්න.

කාංසාව (Anxiety) යනු සාමාන්‍ය මෙන්ම, සෞඛ්‍ය සම්පන්න ක්‍රියාවලියක් බව මනෝ විද්‍යාඥයන් විසින් දිර්ග කාලයක් තිස්සේ හඳුනාගෙන තිබෙන දෙයක්. ඒ මඟින්, අපට ඇ.තිවන්නට තිබෙන තර්ජන පිළිබඳ දැනුවත් කරනවා වගේම ඒ සඳහා අප ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට උපකාරී වන බව වෛද්‍යවරු විසින් පවසා තිබෙනවා.

මේ වන විට, ඔබ කනස්සල්ලකින් සිටීනම් දැන් ඔබට ගත යුතු තීරණ පිළිබද මේ සටහන යම් හෝ උපකාරයක් වනු ඇත. මේ දිනවල වෙනත් පුද්ගලයින් හෝ විශාල කණ්ඩායම් සමඟ කාලය ගත කිරිමට නොහැකි විම මෙන්ම නිතර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුමනය කරමින් හැකිතාක් නිවස තුළම රැදී සිටීමට සිදු වී ඇත. එය අන් කිසිවක් නිසා නොව, ඔබ මෙන්ම ඔබේ ආදරණීයන් සිදුවෙමින් පවතින ව්‍යවසනකාරී මට්ටමෙන් අතමිදීමට බව ඔබ වටහා ගත යුතු ව ඇත. එය තරුණ ප්‍රජාවක් වශයෙන් ඔබෙන් සිදු විය යුතු වටිනා ක්‍රියාදාමයක් වනු ඇත. ඔබේ යෞවන කාලය ඔබේ ආරණීයන් වෙනුවෙන් සිදු කරන කැපකිරීමකි. ඒ කැපකිරිම තුළ ඔබගේ වටිනා අනාගතය රැදී පවතිනු ඇත. 

ජීවිතයට නොයේකවිද වූ අභියෝගයන්  පැමිණෙනු ඇත. මෙය ද ඔබේ ජීවිතේ අලුත් අත්දැකීමක් සහිත අභියෝගයකි. ඒ අනුව අපගේ ජීවිතයේ විවිධ වු අවස්ථාවන්හී දී ඇති වන්නාවූ විවිධ වූ කාන්සාවන් ජීවිතය ජය ගන්නා මාර්ගයක් කර ගැනීම සදහා මෙහෙයවිම ඔබ, ඔබ විසින්ම සිදු කළ යුත්තක් වනු ඇත. එය ඔබගේ අනාගත අභිවෘද්ධිය යහපත් කර ගැනීමට බලපවත්වනු ඇත. අද දින කැප කරන්නේ හෙට දවසක් නිසා නම්, ඒ හෙට දවස වෙනුවෙන් ඇප කැප වීම හෙට ලස්සන වීමට උපකාරී වනු ඇත. 

මතක තබා ගන්න, ඔබට දැනෙන මේ නොසන්සුන්කාරි පරිසරය ඔබව විඩාවට පත් කරනුයේ ඔබගේ සිතුවිළි මගිනි. කාන්සිය, පාළුව, කනස්සල්ල ජිවිතයට කුමන හෝ පරාසයක සිටිය ද අත්විදින්නට සිදු වන්නකි. එය ජීවිතයට ගෙන එන අභියෝගයක් සේම ජිවිතය ජය ගන්න මාර්ගයයන් හදුනා ගැනීමට උපකාරි වනු ඇත. ඉතින් මදක් සිතන්න, ඔබේ තරුණ ජීවිතය යහපත් කර ගන්න. කනස්සල්ල, හුදකලාව මෙන්ම බලාපොරොත්තු සුන්වීම තවදුරටත් වේදනාවක් කර නොගන්න. එය අප ජීවිතයේ සැමදෙනාටම මුහුණ පෑමට සිදුවන තවත් එක් සාමාන්‍ය කඩ ඉමකි.

👉අවධානය වෙනතකට යොමු කරන්න.

බොහෝමයක් මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙනු ලබන්නේ අප කාලානුරූපව දුෂ්කර මට්ටමක් ගත කරන්නේනම්, එම මට්ටමෙන් මිදිම උදෙසා අපගේ අවධානය වෙනතකට හසුකර ගත යුතු බව යි. ඒ සඳහා මාගේ හැකියාවන් කොටස් දෙකකට වෙන් කර ගැනීම සිදු කළ යුතු වේ. එනම් මා හට යමක් කළහැකි දේවල් සහ මා හට කිසිවක් කළනොහැකි දේ වශයෙනි.

අප ගැටලුවක සිටින අවස්ථාවන්හි දී අපගේ අවධානම වඩාත් පහසුවෙන්ම වෙනතක යොමු කිරීමට අප භාවිත කළ යුත්තේ, මා ඉතාමත් ප්‍රිය කරන දෑ සිදු කිරිමට ය. එහිදී, තමන් කැමතිම පොතක් කියවීම, ප්‍රියකරන ආහාරයක් හෝ පානයක් අනුබව කිරිම, තමන් කැමතිම ශෛල්‍යක නාට්‍යක් හෝ සිනමා පටයක් නැරඹිම ආදී තමන් කැමතිම දෙයක නිරත විමට කටයුතු කිරිම මගින් තම හිත තුළ දැවෙන ගැටළුව වෙනතකට හරවා ගැනිමට හැකි වනු ඇත.

👉ඔබේ මිතුරන් සමඟ සම්බන්ධ වීමට නව ක්‍රම සොයා ගන්න.

ඔබ සමාජ දුරස්ථභාවයේ යෙදී සිටින අතරතුර මිතුරන් සමඟ කාලය ගත කිරීමට අවශ්‍ය නම්, සමාජ මාධ්‍ය සම්බන්ධ වීමට කටයුතු කිරිම හොඳ ක්‍රමයකි. නිර්මාණශීලීව ඔබේ හැකියාවන් තම මිතුර මිතුර මිතුරියන් අතර බෙදා හරින්න. ඔවුන්ගේ ගුණ දොස් අනුව ඔබේ හැකියාවන් තවදුරටත් ප්‍රගුණ කර ගැනීමට එය උත්සහ කරන්න. විවිධ තරග පවත්වන්න. එය ඔබ භාවිතා කරන සමාජ මාධ්‍ය අනුව සිදු කළ හැකි ය. ඒ අනුව, ඔබ ඔබේ මිතුර මිතුරියන් සමග සම්බන්ධවීමට ඇති එකම අවස්ථාව වන අන්තර්ජාලය භාවතා කිරිම, ඔබගේ කාන්සිය මග හරවා ගැනිමට රුකුලක් වනු ඇත.

👉ඔබ කෙරෙහි අවධානය යොමු කරන්න.

ඔබ ඔබ කෙරෙහි අවධානය යොමු කිරීමට මෙතෙක් පැවතී බාධකය කාලය නම්, දැන් එයට හොදම අවස්ථාව එළඹී ඇත. ඔබට යමක් කළහැකි දෑ අතර කළ නොහැකියි යන්න සිතූ දෑ පිළිබද ඔබ සිතා බැලුවා ද?  එම කාණ්ඩයට අයත් බොහෝ දැ පවතින බව දන්නා ඔබ එය උත්සහ කර බැලුවා ද?. මෙයයි ඔබට හොදම අවස්ථාව. මට බැහැයි කියා සිතූ දේ මෙතෙක් රදා පැවතිමට මුලික හේතුව වූයේ, ඔබගේ උත්සහයක් නොමැති වීමත්, ඒ පිළිබද සිතිමට තරම්වත් කාලයක් නොතිබිමත් යන්න වේ. නමුත් දැන් එයට හොදම කාලය මේ වකවානුව නම්, ඇයි තවත් නිකරුනේ කාලය ගෙවා දමන්නේ?

බොහෝමයක් තරුණ තරුණියන් නව තාක්ෂණය සමග කරට කර වැඩ කරන සමයක මෙය කිව යුක්තක්ම නොව. ඔබට අරමුණ සදහා අවශ්‍ය මාර්ගෝපදේශය ඔබටම සොයා ගත හැකි ය. ඔබට අලුත් දෙයක් කිරීමට, නව පොතක් ලිවීම ආරම්භ කිරීමට හෝ සංගීත භාණ්ඩයක් පුහුණු කිරීමට කාලය ගත කිරීම, නව භාෂාවක් ඉගෙන ගැනීම, ආදී නොයේක විද වූ අරමුණු අතර ඔබගේ සැගවුනු දක්ෂතාවයන් ඔප් නංවා ගැනීමට හැකි වනු ඇත. ඔබත් උත්සහ කරන්න. ඔබට කළ හොහැකි යැයි සිතන දේ හැකි වනතාක් ඔබ ඒ තුළ අතරමන් විමට උත්සහ කරන්න. ඒ උත්සහය, සැබවින්ම ඔබ පිළිබද ඉතාමත් ආදරණීය ආත්ම තෘප්තියක් ගෙන ඒමට බලපාන බව කිව යුතුම ය. එමෙන්ම එය ඔබගේ මානසික සෞඛ්‍යය රැකබලා ගැනීමේ සඵලදායී ක්‍රමයක් වනු ඇත.

👉ඔබේ හැඟීම් දැනෙන්නට ඉඩ හරින්න.

ඔබ මෙතෙක් පවත්වාගෙන ආ සාමාන්‍ය ජීවන චර්යාවන්, බලාපොරොත්තු නොවු ලෙස දිගු කාලිනව සුන්වීම ඔබේ කනස්සල්ලට හේතු වනු ඇත. එහිදී, ඒ පිළිබදව ධනාත්මකව කටයුතු කිරීමට හොඳම ක්‍රමය වන්නේ කුමක් ද? එය වඩාත් පහසුය. එනම්, ඔබට ඔබගේ හැගිම් දැනෙන්නට ඉඩ හැරිම යි. ඒ හැගිම් ඔබට කුමක් නිසාද යන්න, ඔබට වෙන් කර ගැනීමට එය උපකාරී වනු ඇත. ඒ හැගිමක ඇති සුන්දරත්වය පිළිබද ඔබට කියවිමට හැකි වනු ඇත. විටෙක එම හැගීම ඔබව නිර්මාණකරුවෙකු බිහි කිරීමට ද අවස්ථාවක් ඇති කරන්නට ද හැකියාව ඇත. හැගිමක් තුළ ගොඩනැගෙන බොහොමයක් නිර්මාණයන් ඔබට මේ සාහිත්‍ය තුළ දැක බලා ගත හැකි ය. ඒ නිසා, ඔබේ හැගීමට ඇහුම්කන් දෙන්න. ඒ හැගීමක රසය ඔබ අත්විදින්න. ඒ හැගිමේ නිර්මාණාත්මක බව වචනයට, තනුවකට හෝ සිතුවමකට නගන්නට උත්සහ කරන්න. එයයි  “වේදනාකාරී හැඟීමක් ඇති වූ විට, එයින් මිදීමට ඇති එකම මාර්ගය එයයි.”

👉ඔබට මෙන්ම අන් අයටත් කරුණාවන්ත වන්න.

කනස්සල්ල, හුදකලාව මෙන්ම, බලාපොරොත්තු සුන්වීම, වැනි වේදනාත්මක හැගිම් තුළ තෙරපෙන ඔබේ මිතුර මිතුරියන් පිළිබද ඔබ විමසිලිමත් වන්න. ඔබ යම්තාක් ඔබගේ මානසික වියවුල විසදා ගැනිමට කටයුතු කළේනම්, ඒ සිදු කළ හැකි ආකාරය පිළිබද ඔවුන්ව දැනුවත් කරන්න. ඔබට ලැබෙන, ඇස ගැටෙන දෑ තුළ ඔබ ලබන අවවාදයන් තුළ, ඔබට දැනෙන මට්ටමින් හෝ අන් අයට උපකාරී වන්න. අන් අයට අස්වැසිල්ලක් වන්න උත්සහ කරන්න. ඔබ ඒ තුළද ලබන්නේ ඉතාමත් ප්‍රියජනක ආත්ම තාප්තියකි.

ඔබට හැකි සෑම විටම අන් අයට උපකාරි වන්න. ත්‍යාගශීලී වන්න. 


සටහන
ශානිකා ජයසුරිය 
Knowledge Platform 



Monetize your website traffic with yX Media