ඕනෑම රටක ව්‍යවහාර මුදල් මුද්‍රණය කිරීමේ බලය පවතින්නේ එම රටේ ක‍්‍රියාත්මක වන මහ බැංකුවටයි. ඒ අනූව, ශ‍්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ පූර්ණ බලය පවතින්නේ ශ‍්‍රී ලංකා මහ බැංකුවට වන අතර, ඒ සඳහා අවශ්‍ය නෛතික විධිවිධාන ලැබෙනුයේ, 1949 අංක 58 දරණ මුදල් නීති පනත මගිනි. ශ‍්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමට පෙර එම කටයුතු සිදුකලේ ව්‍යවහාර මුදල් මණ්ඩලයක් විසිනි. කෙසේ වුවත්, වර්තමානයේ ව්‍යවහාර මුදල් ඉතා ආරක්‍ෂිතව, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධීක්‍ෂණය යටතේ, ඒ සඳහා විශේෂඥතාවයක් දක්වන සමාගම් දෙකක් මගින් මුද්‍රණය කරවාගනු ලබනවා. ශ‍්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් අතරින් කාසි මුද්‍රණය කරන්නේ රෝයල් මින්ට් සමාගම වන අතර නෝට්ටු මුද්‍රණය කරන්නේ තෝමස් ඩිලාරු සමාගම විසින්. අපි භාවිතාකරන ඕනෑම නෝට්ටුවක දාරයේ ඒ සමාගමේ නම කෙටියෙන් “ඩිලාරු” ලෙස මුද්‍රණය කර තියෙන්නේ ඒ නිසයි.
දැන් අපි බලමු ශ‍්‍රී ලංකා මහ බැංකුව මුදල් අච්චු ගහන්නේ මොන අවස්ථාවල දී ද කියල. එක් අවස්ථාවක් තමයි මේ වෙනකොට භාවිතයට ගන්න බැරි මුදල් නෝට්ටු (විකල මුදල්) එකතු කර ඒවා විනාශ කරල, ඒවායේ තියෙන අනුක‍්‍රමික අංක යටතේ අලුතින් කාසි හා නෝට්ටු මුද්‍රණය කිරීම. ඒ වගේම, අනෙක් අවස්ථාව තමයි නව අනුක‍්‍රමික අංක යටතේ අලුතින් කාසි හා නෝට්ටු මුද්‍රණය කිරීම. නමුත් එම ප‍්‍රමාණය මහ බැංකුව කලින් ඇස්තමේන්තු කරපු නිශ්චිත වටිනාකමකට සීමා වෙනවා. ඇත්තටම මහ බැංකුව අලුතින් කාසි හා නොට්ටු කොච්චර මුද්‍රණය කලත් ඒකේ ගැටළුවක් ඇතිවෙන්නේ නැහැ. කොහොමත් එම ක්‍රම දෙකටම මුද්‍රණය කරපු කාසි හා නෝට්ටු මහ බැංකුවේ සේප්පුවල ආරක්‍ෂිතව තබා තිබෙනවා. මෙහෙම තිබුනාය කියලා ඒවාට ගනුදෙනු කිරීමේ හැකියාවක් හෝ ආර්ථික කටයුතු වලට බලපෑමක් සිදු වෙන්නේ නැහැ. ශ‍්‍රි ලංකා මහ බැංකුව විසින් එම මුදල් ගණුදෙනු සඳහා ආර්ථිකයට එකතු කළා ම තමයි ඒවා ක‍්‍රියාකාරී වීම සිදුවන්නේ. දැන් ඔය අලූතෙන් සල්ලි අච්චු ගහනව කියල අපි කියන කථාවේ නියම අදහස තමයි, මහ බැංකුවේ තිබෙන ව්‍යවහාරයට එකතු කරල නැති කාසි හා නෝට්ටු ගණුදෙනු සඳහා එකතු කිරීම. කොහොම උනත් මහ බැංකුව නව කාසි හා නෝට්ටු ආර්ථිකයේ ගණුදෙනු සඳහා එකතු කරන්නේ උද්ධමනයට සහ ආර්ථිකයේ සමස්ථ නිමැවුමට අහිතකර බලපෑමක් සිදුනොවන ආකාරයට.
අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත ආර්ථිකයක් නිෂ්පාදනය කරන සියලුම අවසාන භාණ්ඩ හා සේවා තොගයට තමයි සමස්ථ නිමැවුම, නැතිනම් දළ දේශීය නිෂ්පාදිතය කියල කියන්නෙ. මහ බැංකුවේ ආරක්‍ෂිත සේප්පුවල තිබෙන කාසි හා නෝට්ටු ආර්ථිකයේ ගණුදෙනු සඳහා එකතු කරන්නේ කොහොමද කියල අපි දැන් හොයල බලමු. මහ බැංකුව ව්‍යවහාරයට එකතුකරන කාසි හා නෝට්ටු සලකන්නේ මහ බැංකුවේ වගකීමක් විදිහට. වත්කම් හා වගකීම් එකිනෙකට සමාන වියි යුතු යැයි කියන මූලික ගිණුම්කරණ සිද්ධාන්තය මත තමයි මේ කටයුත්ත සිදුවෙන්නේ, මේ විදිහට අළුතින් මුදල් නිකුත් කරන අවස්ථා කිහිපයක් තිබෙනවා.
1. රජයට ලැබෙන ණය භාණ්ඩමය සහ විදේශීය මුදල් වශයෙන් ලැබීම.
දේශීය ආර්ථිකය තුළ අවශ්‍ය ගෙවීම් කිරීම සඳහා විදේශීය මුදලින් ලැබෙන ණය රුපියල් බවට පත්කර ගත යුතුයි. එම නිසා රජය එම මුදල් මහ බැංකුවට විකුණා විනිමය අනුපාතයට සමාන අගයක් රුපියල් වලින් ලබා ගන්නවා. මහ බැංකුවට විදේශීය විනිමය ලැබෙන නිසා විදේශ වත්කම් ඉහළ යනවා. එයට සමාන අගයකින් අළුතින් මුදල් නිකුත් කිරීමට මහ බැංකුව කටයුතු කරනවා.
2. භාණ්ඩ හා සේවා අපනයන, විදේශීය ආයෝජන හා වෙනත් විවිධ ලැබීම්.
භාණ්ඩ හා සේවා අපනයන, විදේශීය ආයෝජන, පෞද්ගලික අංශයට විදේශීය වශයෙන් ලැබෙන විවිධ ලැබීම් හරහා වාණිජ බැංකු වලට විදේශ විනිමය ලැබෙන අතර, භාණ්ඩ හා සේවා ආනයන, විදේශයන්ට කරනු ලබන විවිධ ගෙවිම් හරහා විදේශ විනිමය වැයවනවා. විදේශ විනිමය ගණුදෙනු විවිධ පුද්ගලයන් සහ ආයතන සිදුකරන්නේ වාණිජ බැංකු හරහා යි. මෙම ගණුදෙනු වලින් විදේශ විනිමය අතිරික්තයක් වේ නම්, වාණිජ බැංකු ඒවා ශ‍්‍රී ලංකා මහ බැංකුවට විකුණන අතර, මහ බැංකුවේ විදේශ විනිමය සංචිතය ඉහළයාම හරහා විදේශ වත්කම් වැඩි වෙනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස පවතින විනිමය අනුපාතිකය යටතේ වාණිජ බැංකුවලින් මිලදී ගත් විදේශ විනිමය ප‍්‍රමාණයට සමාන නව ව්‍යවහාර මුදල් වාණිජ බැංකු වලට නිකුත් කරනවා.
3. රජයට ලබා දෙන තාවකාලික අත්තිකාරම්.
මුදල් නීති පනතට අනූව යම් වර්ෂයක රජයේ ඇස්තමේන්තු ගත ආදායමෙන් සියයට 10 කට සමාන මුදල් ප‍්‍රමාණයක් තාවකාලික අත්තිකාරමක් ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුවට රජය වෙත සපයන්න සිදු වෙනවා. මෙම මුදල් ප‍්‍රමාණය ලබා දීම සිදුකරන්නේ අළුතෙන් කාසි හා නෝට්ටු නිකුත් කිරීම මගින්. මෙහි දී මහ බැංකුව රජයට ණය දීමෙන් මහ බැංකුවේ දේශීය වත්කම් ඉහළ යනවා.
4. රජයට අවශ්‍ය කෙටිකාලීන ණය ලබා ගැනීම.
රජයට අවශ්‍ය කෙටිකාලීන ණය ලබා ගැනීමේ දී නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් වලින් කොටසක් මුදල් නීති පනතින් ලැබී ඇති බලතල, අනූව මහ බැංකුවේ අභිමතය පරිදි මුදල් සැපයුමට අහිතකර බලපෑමක් ඇති නොවන ආකාරයට මිලදී ගන්න ශ‍්‍රී ලංකා මහ බැංකුවට හැකියාව තිබෙනවා. එහිදී එම භාණ්ඩාගාර බිල්පත් වලට සමාන වටිනාකමකින් නව මුදල් නිකුත් කරනවා. එවිට, භාණ්ඩාගාර බිල්පත් හරහා රජයට ණය සැපයීමක් සිදුවෙන නිසා ශ්රී ලංකා මහ බැංකුවේ දේශිය වත්කම් ඉහළ යාමක් සිදු වෙනවා.
මේ ආකාරයට මුලින් කියපු ක‍්‍රම දෙක ශ‍්‍රී ලංකා මහ බැංකුවේ, විදේශීය වත්කම් ඉහළ යාමෙන් මුදල් සැපයුමට සිදුවන බලපැමක් විදිහටත්, ඊළග ක‍්‍රම දෙක මහ බැංකුවේ දේශීය වත්කම් ඉහළ යාම හරහා මුදල් සැපයුමට ඇතිවන බලපෑමක් විදිහටත් හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මහ බැංකුවේ වෙනත් වත්කම් වල හා වගකීම් වල සිදුවන වෙනස් වීම ද මුදල් සැපයුම වෙනස්වීම කෙරෙහි බලපානු ලබනවා. එය ප‍්‍රධාන කාරණාවක් නොවන හෙයින් ඒ පිළිබඳව විස්තරාත්මකව සාකච්ජා කිරීමක් මෙම ලිපිය මගින් බලාපොරොත්තු වන්නේ නැහැ.
දැන් අපි බලමු ශ‍්‍රී ලංකා මහ බැංකුව නව මුදල් නිකුත් කරන ක‍්‍රියාවලියට අදාල ප‍්‍රතිපත්තිමය රාමුව කුමක් ද කියලා. ඕනැම රටක මහජනතාව තුළ මුදල් සඳහා පිළිගැනීමක් ඇති වන්නේ ඒ පිළිබඳව ඔවුන් තුළ ඇතිවන විශ්වාසය මත. එය රදා පවතින ප‍්‍රධාන කාරනා දෙක කී. එකක් නම්, මහ බැංකුව නිකුත් කරන ව්‍යවහාර මුදල් සඳහා පවතින නීතිමය වලංගුභාවය. මෙය ඔබටම නිරීක්ෂණය කර බැලිය හැකියි, එනම් මුදල් නෝට්ටුවේ ශ‍්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් නිකුත් කරන ලද මෙම මුදල් නෝට්ටු ව ශ‍්‍රී ලංකාව ඇතුළත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා නීතියෙන් වලංගුය යනුවෙන් සඳහන් කරලා තියෙනවා. මෙම වාක්‍ය ඛණ්ඩයට යටින් ශ්‍රි ලංකාවේ මූල්‍ය අධිකාරියේ ප‍්‍රධානින් දෙදෙනා අත්සන් කර තිබෙනවා. එනම්, ශ‍්‍රි ලංකා මහ බැංකුවේ අධිපති සහ මුදල් අමාත්‍යවරයා යන දෙදෙනා විසිනි. ශ‍්‍රි ලංකා මහ බැංකුව කළමනාකරණය වන්නේ සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත මුදල් මණ්ඩලයක් මගිනි. එහිදී මහ බැංකු අධිපති මුදල් මණ්ඩලයේ සභාපති වරයාද වෙනවා.
අනෙක් කරුණ නම්, යම්කිසි රටක භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම අඛණ්ඩව සීග‍්‍රයෙන් ඉහල යාමත් සමග මුදල් වල මිල දී ගැනීමේ හැකියාව පහළ යාම යි. එය හඳුන්වන්නේ, ව්‍යවහාර මුදලේ ක‍්‍රය ශක්තිය (මිලදී ගැනීමේ හැකියාව) පිරිහෙනව කියල. එවැනි තත්වයක දී භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට විශාල මුදල් ප‍්‍රමාණයක් වැයකල යුතු වේ. එහිදී මුදල් නිකුත් කිරීමේ බලධාරීන්ට විශාල වශයෙන් නව මුදල් නිකුත් කරන්න සිදුවෙනවා . නිදසුනක් ලෙස 1920-1923 කාලය තුළ ජර්මනියේ පැවති අධි උද්ධමනකාරී තත්ත්වය පෙන්වා දිය හැකයි. 1920 දී ජර්මනියේ පාන් රාත්තලක් මාර්ක් 1ක් විදිහට මිල තීරණයවී තිබුන ද, 1923 වන විට පාන් රාත්තලක මිල මාර්ක් මිලියන 4 දක්වා ඉහළ ගොස් තිබූ බවත් සඳහන් වෙනවා. මුදල් පිළිබඳ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටුනු අතර, ව්‍යාපාර හා බැංකු කඩා වැටෙන්න පටන් ගත් බවත්, භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට වීල්බැරෝ වලින් මුදල් වෙළෙඳපොළ වෙත ගෙනියන්නට සිදු වූ බවත් කියවෙනවා. පුද්ගලයන් මුදල් ගණුදෙනු වලින් ඉවත්වී භාණ්ඩ හුවමාරු ක‍්‍රමයකට අවතීරණය වන්නට පටන් ගත් බව ද සඳහන් වෙනවා. එම නිසා රටක මහ බැංකුවට තිබෙන ප‍්‍රධානතම වගකීම වෙන්නේ මූල්‍ය ප‍්‍රතිපත්තිය නිසි පරිදි හසුරුවමින් රටතුළ භාණ්ඩ හා සේවා මිල මට්ටම ස්ථාවරව පවත්වා ගෙනයා ම යි. මෙය මිල ස්ථායිතාවය යනුවෙන් හඳින්විය හැකියි. උද්ධමන සහ අවධමන පීඩන වලක්වා ගැනීම මෙහි දී කළයුතු වේ.
භාණ්ඩ හා සේවා වල පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාම උද්ධමනය ලෙසත්, පොදු මිල මට්ටම පහළ යාම අවධමනය ලෙසත් හඳුන්වනවා. උද්ධමනය මෙන්ම අවධමනය ද ආර්ථිකයට අහිතකර වේ. හේතුව, මිල මට්ටම පහළ යන විට නිෂ්පාදකයන්ගේ ලාභය අඩු වී ඔවුන් අධෛර්යමත් වන බැවිනි. මේ නිසා නිෂ්පාදන කටයුතු සංකෝචනය වී ආර්ථිකයක සමස්ථ නිමැවුමට අහිතකර බලපෑමක් ඇති වෙනවා.
සාමාන්‍යයෙන් රටක මහ බැංකුවක් නව මුදල් නිකුත් කිරීමක් සිදු කරන්නේ, රටතුළ ඇතිවන සමස්ථ ගණුදෙනු සිදු කිරීමට ප‍්‍රමාණවත් මට්ටමක් පමණී. රටක ආර්ථික කටයුතු සහ ව්‍යාපාරික කටයුතු වර්ධනය වන විට එම කටයුතු පහසු කිරීම සඳහා මුදල් සැපයුමේ ද වර්ධනයක් සිදුවිය යුතු යි. ඒ අනූව යම්කිසි වර්ෂයක් තුළ ආර්ථිකයක සිදුවිය හැකි වර්ධනය නාමික වශයෙන් ඇස්තමේන්තුකොට ඒ අනූව රටතුළ ඇතිවන ගණුදෙනු සිදු කිරීමට ප‍්‍රමාණවත් මුදල් තොගයක් පමණක් ඉහත පැහැදිලි කරපු ක‍්‍රම හරහා අළුතින් ආර්ථීකයට එකතු කිරිමක් සිදු වෙනවා.
භාණ්ඩ හා සේවා වල පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාම උද්ධමනය ලෙසත්, පොදු මිල මට්ටම පහළ යාම අවධමනය ලෙසත් හඳුන්වනවා. උද්ධමනය මෙන්ම අවධමනය ද ආර්ථිකයට අහිතකර වේ. හේතුව, මිල මට්ටම පහළ යන විට නිෂ්පාදකයන්ගේ ලාභය අඩු වී ඔවුන් අධෛර්යමත් වන බැවිනි. මේ නිසා නිෂ්පාදන කටයුතු සංකෝචනය වී ආර්ථිකයක සමස්ථ නිමැවුමට අහිතකර බලපෑමක් ඇති වෙනවා.
සාමාන්‍යයෙන් රටක මහ බැංකුවක් නව මුදල් නිකුත් කිරීමක් සිදු කරන්නේ, රටතුළ ඇතිවන සමස්ථ ගණුදෙනු සිදු කිරීමට ප‍්‍රමාණවත් මට්ටමක් පමණී. රටක ආර්ථික කටයුතු සහ ව්‍යාපාරික කටයුතු වර්ධනය වන විට එම කටයුතු පහසු කිරීම සඳහා මුදල් සැපයුමේ ද වර්ධනයක් සිදුවිය යුතු යි. ඒ අනූව යම්කිසි වර්ෂයක් තුළ ආර්ථිකයක සිදුවිය හැකි වර්ධනය නාමික වශයෙන් ඇස්තමේන්තුකොට ඒ අනූව රටතුළ ඇතිවන ගණුදෙනු සිදු කිරීමට ප‍්‍රමාණවත් මුදල් තොගයක් පමණක් ඉහත පැහැදිලි කරපු ක‍්‍රම හරහා අළුතින් ආර්ථීකයට එකතු කිරිමක් සිදු වෙනවා.
දේශිය වශයෙන් ඇතිවන ගණුදෙනු සඳහා අවශ්‍ය ප‍්‍රමාණයට වඩා වැඩි මුදල් ප‍්‍රමාණයක් මුද්‍රණය කොට ආර්ථිකයට මුදා හැරියොත් එය රටතුළ භාණ්ඩ හා සේවා මිල මට්ටම ඉහළ යාමටත් ඒ අනූව උද්ධමන පීඩනයක් ඇතිවීමටත් හේතු වී, ව්‍යවහාර මුදල් පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටෙන්න පුළුවන්.
දැන් අපි බලමු මුලින් කියූ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ දේශීය හා විදේශීය වත්කම් ඉහළයාමෙන් මුදල් සැපයුම වැඩි වීම ආර්ථිකයේ ගනුදෙනු සඳහා ප්‍රමාණවත් මට්ටමකින් පවත්වා ගැනිම කළමනාකරණය කරන්නේ කොහොමද කියලා.
- රජයට ලැබෙන විදේශ ණය රුපියල් බවට පත්කරගන්නා විට මහ බැංකුව ව්‍යවහාර මුදල් අළුතින් නිකුත්කරනවා මෙන්ම රජය විදේශ ණය ගෙවන විට එම ණය වාරික හා පොලියට සමාන විදේශ විනිමය ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගත යුතුයි. එහිදී එම විනිමය ප‍්‍රමාණයට සමාන රුපියල් ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකා මහ බැංකුවට රජය විසින් ගෙවිය යුතු වෙනවා. ඒ අනූව, රටතුළ සංසරණය වන මුදල් ප‍්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම, මහ බැංකුව රජයට විදේශ විනිමය සැපයීම නිසා මහ බැංකුවේ විදේශ සංචිත අඩු විමෙන් විදේශ වත්කම් පහළ යාමක් සිදු වෙනවා. මහ බැංකුව සතු විදේශ වත්කම් ඉහළ යනවිට මුදල් සැපයුම වැඩි වීමක් සිදු වෙනවා වගේම, විදේශ වත්කම් ප‍්‍රමාණය පහළ යනවිට මුදල් සැපයුම අඩු වෙනවා.
- රජයට අවශ්‍ය කෙටිකාලීන ණය ලබා ගැනීමේදී නිකුත් කළ ණය උපකරණය භාණ්ඩාගාර බිල්පත් ලෙස හැඳින්වෙන අතර ඒවා සාමාන්‍යයෙන් දින 91, දින 182 සහ දින 364 වැනි කාල වලින් කල්පිරෙන ආකාරයට නිකුත් කරනවා. ණය උපකරණ කල්පීරිිම යනු, අදාළ ණය උපකරණ පදනම් කරගෙන ලබාගත් ණය මුදල නැවත ගෙවා නිදහස් කළයුතු අවස්ථාව එළඹීම විඳිහට හැඳින්විය හැකි යි. ඒ අනූව මහ බැංකුව මිල දී ගත් භාණ්ඩාගාර බිල්පත් කල්පිරෙන විට රජය විසින් අදාල භාණ්ඩාගාර බිල්පත් වලට සමාන මුදලක් වාණිජ බැංකු වල තිබෙන රජයේ ගිණුම් හරහා ශ‍්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතු යි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ආර්ථිකය තුළ සංසරණය වන මුදල් ප‍්‍රමාණය අඩුවෙනවා මෙන්ම, රජය මහ බැංකුවෙන් ගත් ණය ගෙවා නිදහස් වීමක් ද සිදුවන නිසා මහ බැංකුවේ දේශීය වත්කම් ප‍්‍රමාණය පහළ යාමක් ද සිදු වේ.
- මුදල් නීති පනත මගින් ලැබී ඇති බලතල අනූව යම් වර්ෂයක ඇස්තමේන්තුගත රජයේ ආදායමෙන් 10%කට සමාන මුදලක් මහ බැංකු අත්තිකාරම් ලෙස රජයට ලබා දිම මහ බැංකුව සිදු කල ද, එම මුදල මාස 6ක් ඇතුළත රජය විසින් අනිවාර්යයෙන්ම ශ‍්‍රී ලංකා මහ බැංකුවට පියවිය යුතු යි. එම අත්තිකාරම් මුදල පියවීමේ දී රටතුළ සංසරණය වන මුදල් තොගයෙන් කොටසක් මහ බැංකුවට ඇදී යන අතර, එහිදී රටතුළ මුදල් සැපයුම අඩු වීමක් සිදුවේ. රජයට ලබා දුන් තාවකාලික ණය අත්තිකාරම් මුදල පියවීමක් සිදු වන නිසා, මහ බැංකුවේ දේශිය වත්කම් පහළ යාමක් සිදු වේ. දේශීය වත්කම් ඉහළ යන විට මුදල් සැපයුම වැඩි වෙනවා වගේ ම, දේශීය වත්කම් පහළ යන විට මුදල් සැපයුම අඩු වෙනවා.
මේ අනූව, නිශ්චිත කාල පරිච්ජේදයක් ඇතුළත ආර්ථිකයට එකතුවන නව මුදල් ප‍්‍රමාණය තීරණය වන්නේ, මහ බැංකුවේ දේශීය හා විදේශීය වත්කම් ඉහළ යෑම පදනම් කරගෙන නිකුත් කරන ව්‍යවහාර මුදල් ප‍්‍රමාණය සහ මහ බැංකුවේ දේශීය හා විදේශීය වත්කම් අඩුවීම තුලින්, මහ බැංකුව වෙත අවශෝෂණය කරගත් මුදල් ප‍්‍රමාණය අතර වෙනසක් විදිහට යි. එනම්, ශ‍්‍රී ලංකා මහ බැංකුව සතු දේශීය සහ විදේශිය වත්කම් ප‍්‍රමාණය වෙනස්වීමේ ඒකාබද්ධ ප‍්‍රතිඵලයක් ලෙසයි.
ආර්ථිකය තුළ සංසරණය වන මහ බැංකුව නිකුත් කළ කාසි හා නෝට්ටු තොගය හඳුන්වන්නේ, සංචිත මුදල් හෙවත් අධි බලැති මුදල් යනුවෙන්. මහ බැංකු සතු දේශීය හා විදේශීය වත්කම් වෙනස් වීම මත සංචිත මුදල් ප‍්‍රමාණය වෙනස් වේ. ඒ තුළින්, ආර්ථිකයේ මුදල් සැපයුම ද වෙනස් වෙනවා. නිදසුනක් ලෙස, 2017 වසරේ මහ බැංකුව දේශීය හා විදේශීය වත්කම් අත්කර ගැනීම තුළින් රුපියල් බිලියන 287.5 නව මුදල් ප‍්‍රමාණයක් ආර්ථිකයට එකතුකර, ඉන් රුපිියල් බිලියන 203.9 නැවත මහ බැංකුව වෙත අවශෝෂණය කරගෙන තිබෙනවා. ඒ අනූව නව මුදල් නිකුතුව රුපියල් බිලියන 83.7 ක මට්ටමිකින් පවත්වාගෙන යාමට මහ බැංකුව කටයුතු කොට තිබෙනවා.
රටතුළ උද්ධමන පීඩනය අවම වන පරිදි සහ මූර්ත ආර්ථීකය ස්ථාවරව පවත්වාගෙන යා හැකි පරිදි, ශ‍්‍රී ලංකා මහ බැංකුව රටේ මුදල් සැපයුම කළමනාකරණය කිරීම සිදුකරයි. ඒ සඳහා ගනුලබන ක‍්‍රියා මාර්ග ඇතුළත් ප්‍රතිපත්තිය මුදල් ප‍්‍රතිපත්ති රාමුව නමින් හැඳින්වේ. එහි දී, එක පැත්තකින් ශ‍්‍රී ලංකා මහ බැංකුව රටේ උද්ධමනය තනි අංකයක අගයක් යටතේ පවත්වාගෙන යාමට ඉලක්ක කරන අතර, තනි අංකයක අගයක් යනුවෙන් හඳුන්වන්නේ, සියයට 10 ට අඩු අගයකි. මෙහිදී, ඉලක්ක ගත කරන උද්ධමන අනුපාතිකය අපේක්‍ෂිත උද්ධමනය නමින් හඳුන්වන අතර මූර්ත ආර්ථිකයේ වර්ධනය ද බිඳ නොවැටී පවත්වා ගෙන යාමට අරමුණු කරයි. මූර්ත ආර්ථීකය යන සංකල්පයේ සරල අදහස නම්, රටක් වර්ෂයක කාලපරිච්ජේදයක් තුලදී නිපදවනු ලබන සමස්ථ අවසාන භාණ්ඩ හා සේවා තොගය නැතහොත් දළ දේශීය නිෂ්පාදිතය යි. දළ නිෂ්පාදිතය වර්ධනය වන ප්‍රතිශතය ආර්ථික වර්ධන වේගය ලෙස හැඳින්විය හැකි ය. එහිදී, සැලකිල්ලට ගනු ලබන්නේ භාණ්ඩ හා සේවා ප්‍රමාණයෙහි ප්‍රමාණාත්මක වර්ධනය යි.
මෙහිදී උද්ධමනය පාලනය කරගැනීම සඳහා සමස්ථ මුදල් සැපයුම අඩු කරන්න ශ‍්‍රී ලංකා මහ බැංකුව කටයුතු කලොත්, ආයෝජන අඩුවී නිෂ්පාදනය පහළ වැටීමක් සිදු විය හැකි යි. එය රටක සේවා නියුක්තිය අඩු වීමට ද බලපානවා.
නිෂ්පාදනය වැඩිකිරීමේ අරමුණින් ණය සැපයුම වැඩිකරන්න මහ බැංකුව කටයුතු කළොත් මුදල් සැපයුම වැඩිවී ආයෝජන ඉහළ ගොසින් නිෂ්පාදනය ඉහළ ගිය ද, උද්ධමන පීඩනයකට ආර්ථිකය හසුවෙන්නට ඉඩ තිබෙනවා. මුදල් සැපයුම වැඩි වන විට භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලූම ඉහළ යන අතර, ආර්ථිකයේ සමස්ථ නිමැවුමට වඩා වැඩි ඉල්ලූමක් ඇති වීමෙන් උද්ධමනයක් ඇති වෙන්න පුළුවන්. මුදල් සැපයුම ඉහළයාම උද්ධමනයට බලපානු ලබන්නේ මේ ආකාරයට යි .
ඒ නිසා රටේ මුදල් සැපයුම ඇස්තමේන්තුගත ප‍්‍රමාණයට වඩා වැඩි වීමට හෝ අඩු වීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව ඉඩ දෙන්නේ නැහැ. මුලින් පැහැදිලි කළ ආකාරයට ආර්ථිකයේ ගණුදෙනු පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් සැපයුමක් පමණක් ආර්ථිකය තුළ, සංසරණයෙහි තබා ගැනීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරන්නේ කලින් සඳහන් කළ මුදල් ප‍්‍රතිපත්ති රාමුව තුළ ස්ථානගත වෙමිනි. මින් අදහස් වනුයේ, අපේක්‍ෂිත උද්ධමනය හා මූර්ත ආර්ථිකයේ වර්ධනය කියන ඉලක්ක දෙක අතර රැදෙමින්, මුදල් සැපයුම කළමනාකරණය කිරීම යි. එය හඳුන්වන්නේ ආර්ථිකයේ ද්‍රවශිලතා මට්ටම කළමනාකරණය කිරීම යනුවෙනි.
කලින් පැහැදිිලි කළ ආකාරයට ශ‍්‍රී ලංකා මහ බැංකුව නව මුදල් නිකුත් කිරීම සහ නැවන අවශෝෂණය කරගැනීමේ ක‍්‍රියාවලිය මගින්, ආර්ථිකයේ ද්‍රවශිලතා මට්ටමට වඩා වැඩි මුදල් ප‍්‍රමාණයක් ගලායන අවස්ථාවක මහ බැංකුව විසින් වාණිජ බැංකු සතු සංචිත වලට බලපෑම් කිරිමෙන් අතිරික්ත ද්‍රවශිලතාවය මහ බැංකුව වෙත අවශේෂණය කරගැනීමට කටයුතු කරනවා.
නිදසුනක් ලෙස කල්පිරීමට තිබෙන භණ්ඩාගාර බැඳුම්කර විකිණිම හා මිලදී ගැනීම දක්වන්න පුළුවන්. රජයට අවශ්‍ය දිගුකාලීන ණය ලබා ගැනීම සඳහා නිකුත් කරන මූල්‍ය උපකරණය භණ්ඩාගාර බැඳුම්කර නමින් හැඳින්වේ. ඒවායින් තවමත් කල් පිරිමක් සිදු නොවුනු භණ්ඩාගාර බිල්පත් මහ බැංකුව සතුව පවතී. ඒවා මුදල් වෙළෙඳපොළේ විකිණිමට මහ බැංකුව කටයුතු කරන විට වාණිජ බැංකු, පෞද්ගලික අංශයට ණය සැපයීමට බැංකු සතුව තිබෙන සංචිත භාවිතා කොට භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගැනීමට කටයුතු කරනවා. එහිදී වාණිජ බැංකු වල සංචිත මහ බැංකුවට මාරු වන අතර වාණිජ බැංකු පෞද්ගලික අංශයට ණය සැපයීම හරහා මුදල් සැපයුමට එකතුවන ණය ප‍්‍රමාණය අඩු වීමක් සිදු වේ.
ශ‍්‍රි ලංකා මහ බැංකුව විසින් ඇස්තමේන්තුගත ද්‍රවශිීලතා මට්ටමට වඩා අඩු ප‍්‍රමාණයක් ආර්ථිකයේ පවතින විට, මහ බැංකුව විසින් වාණිජ බැංකු සතුව පවතින කල්නොපිරුනු භාණ්ඩගාර බිල්පත් මිල දී ගැනිමට කටයුතු කරනවා. එවිට ආර්ථිකයට මහ බැංකුව වෙතින් මුදල් ගලා එන නිසා ද්‍රවශීලතා මට්ටම සාමාන්‍ය තත්වයට පත් වන අතර වාණිජ බැංකු සතු භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුව වෙත පැවරීමක් සිදු වෙනවා. සුරක්‍ෂිත ආයෝජන මාර්ගයක් සහ වැඩිප‍්‍රතිලාභ ලැබෙන ආයෝජනයක් නිසා භාණ්ඩාගාර බිල්පත් සමග ගණුදෙනු කිරීමට වාණිජ බැංකු වැඩි කැමැත්තක් දක්වනවා.
මෙවැනි උපායමාර්ග ගණනාවක් මගින්, ශ‍්‍රී ලංකා මහ බැංකුව ආර්ථීකයේ ද්‍රවශීලතා මට්ටම කළමනාකරණය කිරීමක් සිදු කරනවා. එම උපාය මාර්ග හඳුන්වනු ලබන්නේ මුල්‍ය ප්‍රතිපත්ති උපකරණ ලෙසයි.
සමාජය දකින ආකාරයට මුදල් අච්චු ගැසීම එනම්, නව මුදල් ආර්ථිකයට නිකුත් කිරීම හරහා උද්ධමනකාරී තත්ත්වයක් ඇති විය හැකි බවයි. මෙයට පිළිතුරක් වශයෙන් දියහැකි වන්නේ ලොව කිසිම රටක් උද්ධමනය ශුන්‍ය මට්ටමකට ගෙන ඒමට අපොහොසත්ව ඇති බව යි. ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වන්නේ, උද්ධමන අනුපාතිකය සියයට 5 කට අඩු, තනි අගයක් යටතේ පැවතීම එතරම් අහිතකර නොවන බව යි. එමෙන් ම ශ්‍රී ලංකා මහ බැංකුවට පාලනය කරන්න අපහසු හේතු නිසා ද භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ ගොස් උද්ධමනයක් ඇති විය හැකි යි. විශේෂයෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදිතවල මිල ගණන් වෙනස්වන ආකාරය පුරෝකථනය කිරීම හා පාලනය කිරීම අපහසු වේ.
මහ බැංකුව ක‍්‍රියාත්මක වන්නේ අරමුණු දෙකක් ඉටුකර ගැනීම සඳහා යි. ඉන් පළමු වැන්න, ආර්ථික හා මිල ස්ථායිතාවය ආරක්‍ෂා කිරීම වන අතර දෙවැනි අරමුණ වන්නේ, මූල්‍ය ක‍්‍රමයේ ස්ථායිතාවය ආරක්‍ෂා කිරීම යි. මින් අපට පැහැදිළි වන්නේ, උද්ධමනය හා අවධමනය වලක්වා ගැනීම ශ‍්‍රි ලංකා මහ බැංකුවේ ප‍්‍රධාන අරමුණක් බව යි. කලින් පැහැදිලි කළ ආකාරයට මිල ස්ථායිතාවය යනුවෙන් හඳුන්වන්නේ මෙය යි. මෙම අරමුණ බිඳවැටීම වලක්වා ගැනිමට ශ්‍රී ලංකා මහ බැංකුව හැමවිටම කටයුතු කිරිමට වග බලා ගනී. නව මුදල් නිකුත් කරනවා මෙන්ම ද්‍රවශිීලතා මට්ටම කළමනාකරණය කරමින් අපේක්‍ෂිත උද්ධමන ඉලක්ක ලගා කරගත හැකි ආකාරයට ඒවායින් කොටසක් නැවත අවශෝෂණය කරනුයේ ඒ නිසයි.
එහිදී, ශ්‍රි ලංකා මහ බැංකුව ගනු ලබන ක‍්‍රියාමාර්ග වලින්, අලුතින් නිකුත්කළ මුදල් අපේක්‍ෂිත පරිදි නැවත අවශෝෂණය වන්නේ ද යන්න පිළිබඳ ගැටළුවක් ඇතිවිය හැකියි. මෙම ක‍්‍රියාවලිය වලිය සියයට සියයක්ම සාර්ථක නොවන්න ඉඩකඩ පවතිනවා. එයට හේතුව, මේ සඳහා, තවත් කාරණා ගොඩක් සම්බන්ධවන නිසයි. කෙසේවෙතත් අහිතකර උද්ධමන පීඩනයක් ඇතිනොවෙන්න සංචිත මුදල් කළමනාකරණය කිරීමට මහ බැංකුව හැමවිටම පියවර ගනු ලබන්නේ එය මහ බැංකුවේ ප‍්‍රධාන අරමුණ ක් මෙන්ම වගකීම ක් ද වන නිසයි.
ඉදිරියේ දී ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප‍්‍රතිපත්තිය වඩාත් ස්වාධීනව මෙහෙයවන්න අවස්ථාව හිමිව කිබෙනවා. ඊට හේතුව මුදල් නීති පනතේ තිබෙන භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හා රජයට තාවකාලික අත්තිකාරම් ණය සැපයීමට අදාළ වගන්ති සංශෝධනය කිරිම සඳහා කැබිනට් අනුමැතිය හිමිවීම නිස යි.
ඒ වගේම, අපට ඇති වන ගැටළුවක් තමයි කාසි හා නෝට්ටු ශ‍්‍රි ලංකා මහ බැංකුව සතුව තිබිය දී ආර්ථිකයේ මුදල් සැපයුමට එහි බලපැමක් ඇති නොවන්නේ ද යන්න යි. සැබවින්ම ඒවා ව්‍යවහාරය සඳහා එකතුවීමක්, ඒ කියන්නේ සංචිත මුදල් වලට එකතු වීමක් සිදු නොවන තාක් එම මුදල් ගණුදෙනු සඳහා යොදාගැනීමට හැකියාවක් ලැබෙන්නෙ නැහැ. ඉන් අඳහස් වන්නේ, මහ බැංකුව සතුව ව්‍යවහාර මුදල් තිබුනද ඉන් ආර්ථිකයට බලපෑමක් ඇති නොවන බව යි.
මහ බැංකුව සල්ලි අච්චුගැසීම සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව කලබලයට පත්වීම අනවශ්‍ය කරුණකී. මන්දයත් රජය ණය ඉල්ලීමක් සිදු කරන විට, මහ බැංකුව කටයුතු කරන්නේ ප‍්‍රධාන අරමුණු දෙක ඉටුවන ආකාරයට යි. මහ බැංකුව ස්වාධීන ආයතනයක් නිසා රජයකට වූවද මහ බැංකුවට බලපෑම් සිදුකල හැකි සීමාවක් තිබෙනවා.
රජයේ දෙපාර්තමේන්තු හා සංස්ථාවලට බලපෑම් සිදුකරන ආකාරයට ශ‍්‍රි ලංකා මහ බැංකුවේ කටයුතු සඳහා බලපැම් කරන්න රජයකට අපහසු වේ. රජයේ දෙපාර්තමේන්තු හා සංස්ථා මෙන් නොව මහ බැංකුවට ආරක්ෂා කිරීමට ප‍්‍රධාන අරමුණු දෙකක් තිබෙනවා. මෙම අරමුණු දෙක බිඳවැටීමකට ලක්වනවා යනු සමස්ථ ආර්ථීකයම අර්බුදයකට ලක්වෙනවා යන්න යි. ඒ නිසා, ශ්රී ලංකා මහ බැංකුව මෙම අරමුණු දෙක බිද වැටීමට ලෙහෙසියෙන් ඉඩ තබන්නේ නැහැ.
මුදල් සැපයුම හා උද්ධමනය පාලනය කරමින් ආර්ථිකය හැසිරවිමට මහ බැංකුව හැමවිටම කටයුතු කරාවී. රටක් පිළිබඳව අවංකවම සිතන ආර්ථීකයක් ගැන දැක්මක් දැනුමක් තිබෙන පිරිසක් පාර්ලිමේන්තුවට පත්කිරීම පුරවැසි අපගේ වගකීම වන අතර එවිට මහ බැංකුවේ අරමුණු වඩාත් හොඳින් ලගා කරගැනීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවට අවස්ථාව උදාවනු නොඅනුමාන ය.
සටහන,
බුද්ධික කොඩිතුවක්කු
සටහන,
බුද්ධික කොඩිතුවක්කු
0 Comments