පුද්ගලයෙකු වශයෙන් ජීවත්වන කාලය තුළ ආර්ථික ජීවිතයක් ගත කරයි. ආර්ථික විද්‍යාව තුළින් හදාරනු ලබන්නේ මෙම ආර්ථික ජීවිතය ගත කරන ආකාරයත් එහිදී තීරණය කරනු ලබන ආකාරයත්ය. එබැවින් ආර්ථික විද්‍යාව මිනිසාගේ පුද්ගල හැසිරීම හා සම්බන්ධ වේ.
මිනිසුන් සමාජයේ පවතින සීමිත සම්පත් යොදාගෙන භෞතික අවශ්‍යතා හා වුවමනා ඉටු කර ගැනීමට සිදු කරන ක්‍රියාකාරකම් හා හැසිරිම් ආර්ථික හැසිරීම් ලෙස හඳුන්වයි.
ආර්ථික විද්‍යාව මගින් මිනිසුන්ගේ ආර්ථික හැසිරිම් විග්රහ කරයි. මෙහිදී අධ්‍යයනයට ලක් වන ආර්ථික පැතිකඩ යන්නෙන් අදහස් වන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, හුවමාරුව, පරිභෝජනය හා සම්බන්ධ මිනිස් හැසිරීම් ය.
භාණ්ඩ හා සේවා අත්පත් කර ගැනීමට මිනිසුන් තුළ ඇති අසීමිත අශාවන් හා ඊට සාපේක්ෂව එම භාණ්ඩ හා සේවා නිපදවීමට අවශ්‍ය සම්පත් ප්‍රමාණයේ සීමිත බව අතර ගැටුම සමතයකට පත් කර ගැනීමට මිනිසුන් කටයුතු කරන ආකාරය ආර්ථික විද්‍යාවෙන් අධ්‍යයනය කරයි.
ආර්ථික විද්‍යාඥයන් ආර්ථික විද්‍යාව නිර්වචනය කර ඇති ආකාරය
ඇඩම් ස්මිත්
වර්ෂ 1776 දී ඔහු විසින් ලියා පළ කල ”ජාතීන්ගේ ධනය” නමැති ග්‍රන්ථය මගින් ආර්ථික විද්‍යාව පහත පරිදි නිර්වචනය කර ඇත. එනම්,”ධනයේ ස්වභාවය සහ ධනයට හේතු විමර්ශනය කිරීම ආර්ථික විද්‍යාවයි”
ආර්ථික විද්‍යාව පිළිබඳව විධිමත් හැදෑරීමකට මූලාරම්භය සපයන ලද්දේ මෙම ග්‍රන්ථය මගිනි. එම නිසා ඔහු ” ආර්ථික විද්‍යාවේ පියා” ලෙස හඳුන්වයි.
මහාචාර්ය ඇල්ෆඞ් මාර්ෂල්
” එදිනෙදා ව්‍යාපාරික ජීවිතයේදී මිනිසුන් කටයුතු කරන ආකාරය අධ්‍යයනය කිරීම ආර්ථික විද්‍යාවයි.”ඇල්ෆඞ් මාර්ෂල් විසින් වර්ෂ 1890 දී ලියා පළ කල ආර්ථික විද්‍යාවේ මූලධර්ම නමැති ග්‍රන්ථය මගින් ඉහත දැක්වෙන පරිදි ආර්ථික විද්‍යාව නිර්වචනය කර ඇත.
ලයනල් රොබින්සන්
”විකල්ප භාවිතා සහිත හිඟ සම්පත් හා මිනිස් වුවමනා අතර පවතින සම්බන්ධතාවයේදී මිනිස් හැසිරීම අධ්‍යනය කරන විෂය ආර්ථික විද්‍යාවයි.”මහාචාර්ය ලයනල් රොබින්සන් 1932 වර්ෂයේදී ලියා පල කරන ලද ආර්ථික විද්‍යාවේ ස්වභාවය සහ වැදගත්කම පිළිබඳව රචනයක් නමැති ග්‍රන්ථය මගින් මෙම නිර්වචනය ඉදිරිපත් කර ඇත.
0 Comments